පුරවැසි සංවාදය වෙත ඔබව සාදරයෙන් පිලිගනිමු

අන්තර්ජාල සංසදය – ශ්‍රී ලංකා පරිච්ඡේදය විසින් සංවිධානය කරනු ලබයි.

අන්තර්ජාලයේ අනාගතය වෙනුවෙන් කතිකාවතක යෙදීමට අප සමග එකතු වන්න. අන්තර්ජාලය තුළ සැරිසැරීමේ දී ඔබ ආරක්ෂිතද?
ඔබේ දරුවන් ආරක්ෂිතද?
ඔබේ පෞද්ගලික තොරතුරු අන් අය අතට පත් නොවන බව ඔබට සහතික විය හැකිද?
කෘතිීම බුද්ධිය මගින් ඔබගේ දරුවන්ගේ අනාගත වෘත්තීන් සඳහා කෙසේ බලපෑමක් ඇති කරයිද අන්තර්ජාලය තුලින් ඔබට ලබාදෙන තොරතුරු නිවැරදිද?
අන්තර්ජාලය තුළ අසත්‍ය තොරතුරු ප්‍රචාරණය වීම වැලැක් වැළැක්වීම සඳහා ගත යුතු ක්‍රියා ක්‍රියාමාර්ග කුමක්ද?
ජලය භාවිතා කිරීමේදී අපගේ දරුවන් කෙසේ රැකගත යුතු ද?
නිවැරදි තොරතුරු ලබා ගැනීම සදහා අප කුමක් කල යුතුද? මෙය කළ යුත්තේ කවුරුන්ද? එය කළ යුත්තේ කෙසේද?මේ සඳහා වන ඔබගේ අදහස් වලට සව දීමට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ අන්තර්ජාතික ප්‍රජාව සූදානමින් සිටී. ඔබගේ අදහස් එක්සත් ජාතීන්ගේ සංවිධානයට ලබාදීම සඳහා ශ්‍රී ලංකා අන්තර්ජාල සංගමය හා (Missions Publiques) ආයතනය වැඩමුළුවක් සංවිධානය කර ඇත.

මෙම වැඩමුළුවට සහ සහභාගි වීමට ඔබ අදහස් කරන්නේ නම් පහත සඳහන් වෙබ් ලිපිිනයෙන් මේ සඳහා ලියාපදිංචි වන්න.

කවදාද කොහේද?

ලියාපදිංචි කිරීම් උදෑසන 8.30 සිට 9.00 දක්වා සිදු කෙරෙනු ලබයි. කතිකාවත ආරම්භ වන්නේ උදෑසන 9.30 ට බැවින් කරුණාකර නොපමාව පැමිණෙන්න. එසේ නොවුවහොත් අපහට ඔබට ආසනයක් වෙන් කිරීම අපහසු වනු ඇත. උදෑසන හා දිවා ආහාරය නොමිලේ සැපයෙනු ලැබේ.

සිදුවීම් ස්ථානය

Tentatively: ශ්‍රී ලංකා විද්‍යභිවර්ධන සංගමය (SLAAS)

120/10, විද්‍යා මාවත, කොළඹ 07

සිදුවීම් කාලය

Oct. 10.

ලියාපදිංචිය නොමිලේ වන අතර එය ඔක්තෝබර් 1 වනදා ආරම්භ වී ඔක්තෝබර් 9 වන දිනෙන් අවසන් වේ. ලියාපදිංචි වීම සඳහා පහත සබැඳිය ඔබන්න.

තොරතුරු ද්‍රව්‍ය

මෙම කතිකාවත සඳහා සූදානම් වීමට ඔබට කෙටි හඳුන්වාදීමේ පාඨයක් කියවීමට සිදුවේ. මේ සඳහා මිනිත්තු 15ක් පමණ වැයවන අතර වැඩිදුර සමාලෝචනය සඳහා ඔබට එය බාගත කළ හැකිය.

මාතෘකා පිළිබඳ පූර්ව දැනුමක් අවශ්‍ය නොවන අතර විවෘත මනසකින් හා අනෙකුත් සහභාගිවන්නන් වෙනත් සමඟ කටයුතු කිරීමට කැමැත්ත පමණක් අනිවාර්‍ය වේ.

සංවිධායක ගැන

ශ්‍රී ලංකා අන්තර්ජාල සංසදය යනු ගොලීය අන්තර්ජාලයේ ශ්‍රී ලාංකිය සලකුණ සනිටුහන් කරනු ලබන ආයතනයයි. මෙම සංසදය විසින් දේශීය භාශා භාවිතය හා අන්තර්‍ර්ජාලය සම්බන්ධ දේශීය ගැටලු පිලිබඳව සාකච්ඡා කරනු ලබයි.